ශිෂ්‍ය පාර්ලිමේන්තුව

ශිෂ්‍යයන් අතර ඡන්දයක් පවත්වා වැඩිම මනාප ලබාගත් සිසුන් ශිෂ්‍ය පාර්ලිමේන්තුව සදහා තෝරා ගන්නා ලදී. එම සිසුන් මන්ත්‍රීවරුන් වන අතර ඔවුන්ගේ ඡන්දයෙන් අගමැති, ඇමතිවරු සහ කථානායක, කාරක සභා නිලධාරීන් තෝරා පත්කරගන්නා ලදී. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ විදුහල්පතිතුමා මහලේකම් ලෙස කටයුතු කරයි. වාරයකට වරක් පාර්ලිමේන්තු සැසිවාර පවත්වා පාසලේ සහ සිසුන්ගේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කර තීන්දු තීරණ ලබාගෙන ක්‍රියාවට නංවයි. මෙමඟින් ශිෂ්‍යයන්ට රටේ දේශපාලන ක්‍රමවේද පිළිබඳව, මැතිවරණ ක්‍රම පිළිබඳව, නායකත්ව ගුණාංග පිළිබඳව සහ විවිධ ක්ෂේත්‍ර පිළිබඳ දැනුමක් ද ලබාගත හැකි වේ.

👉 2022 ජනවාරි 12 බදාදා ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය

👉 2022 මාර්තු 02 බදාදා ශිෂ්‍ය පාර්ලිමේන්තු පළමු සභා වාරය

👉 2022 මැයි 03 අගහරුවාදා ශිෂ්‍ය පාර්ලිමේන්තු දෙවන සභා වාරය